කෘතීම බුද්ධිය:Azure ML Studio හඳුන්වාදීම

Priyal Walpita
4 min readNov 13, 2020

AzureML යනු කුමක්ද? (What is AzureML?)

සිංහලෙන් AI ඉගැන්වීමේ දෙවැනි දිග හැරුම ලෙස මයික්‍රෝසොෆ්ට් වෙතින් ගෙන එන Azure Machine Learning Studio ගැන අද අපි කතා කරමු.

මෙහිදී මාගේ පළමු ඉලක්කය වනුයේ අප පෙර බ්ලොග් පෝස්ටුවේ කතා කල ආකරයට විෂය පිලිබඳ කිසිඳු දනුමක් නැති පුද්ගලයකුට වුවද අවබෝධ වන ආකාරයෙන් Machine Learning/AI ඉගෙනුමට අවස්ථාව ලබා දීමයි.(AI for Anyone)

එනම් ඉන්ටනෙට් පහසුකම සහ සාමාන්‍ය පරිඝණක දැනුමක් ඇති අයෙකු හට මෙය ඉතා පහසුවෙන් ඉගෙනීමේ හැකියාව ලැබෙනු ඇත.

Azure ML studio යනු කුමක්ද?

Azure ML studio, මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් ලබා දෙන වෙබ් අඩවියක් (Cloud infrastructure) වන අතර මෙමඟින් අපට මෙම සේවාවට අමතරව තවත් බොහෝ සේවාවන් ලබා ගත හැකියි. මෙම Cloud Infrastructure එක පිළිබඳව පහත රූප සටහනෙන් ඔබට අවබෝධයක් ලබා ගත හැකියි.

මෙම Azure Machine Learning Studio යන පද්ධතිය Azure Cloud යන මූලික පද්ධතියේ කොටසක් ලෙස හඳුන්වා දිය හැකියි. අප ලබා දෙන දත්ත සමුදාය Azure cloud වෙතට මුදා හරීමෙන් පසුව එම දත්ත හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇත. එනම් දත්ත පිරිපහදුව, වර්ගීකරණය,පුහුණුව,පරීක්ෂා කිරීම වැනි බොහෝ කාර්යයන් ඒ තුළින් සිදු කිරීමේ හැකියාව ලැබේ.

අපි දැන් Microsoft Azure ගිණුමක් විවෘත කර ගන්නා ආකාරය දෙස අවධානය යොමු කරමු.

  1. https://azure.microsoft.com/en-us/# යන වෙබ් අඩවියට පිවිසීම.

මෙහිදී ඔබට මාසයක කාලයක් මෙම සේවාව නොමිලේ ලබා ගැනීමට හැකි අතර ඒ සඳහා මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් අපට පවුම් 150 ක මුදලක් නොමිලේ ලබා දෙනු ලබයි.

අලුත් ගිණුමක් විවෘත කර ගැනීමට පහත පියවර ඔබට අනුගමනය කළ හැකියි.

2.Free account, select කර ඔබේ මයික්‍රෝසොෆ්ට් ගිණුම භාවිතා කර ගිණුමක් සකසා ගැනීම. මෙහිදී ඔබට මයික්‍රෝසොෆ්ට් ගිණුමක් නැති නම් අලුත් ගිණුමක් සකසා ගත හැක.

මෙහිදී ඔබට ඔබේ විස්තර ඇතුලත් කොට , ඔබේ බැංකු ගිණුම verify කිරීමට් සිදු වේ. නමුත් මේ සඳහා හෝ ඔබට මයික්‍රෝසොෆ්ට් වෙතින් ලබා දෙන මුදල අවසන් වූ පසුව හෝ ඔබේ අවසරයකින් තොරව කිසිඳු මුදල් අය කර ගැනීමක් සිදු නොවේ.

ඔබේ ගිණුම සකසා ගැනීමෙන් පසුව ඔබට පහත පියවර අනුගමනය කරමින් Azure portal තුළට පිවිසිය හැකියි.

3.Go to the portal යන්න click කර portal එක තුලට පිවිසීම.

4.ඉන් පසු Azure machine learning ලෙස search කිරීමෙන් Azure machine learning Studio(classic) workspaces යන tool එක සොයා ගෙන ඒ තුලට පිවිසීම.

5.create machine learning studio (classic) workspace යන්න click කිරීම

එවිට ඔබ පහත ආකරයේ පිටුවකට පිවිසෙනු ඇත.

මෙම දත්ත පිරවීමට අදාල උපදෙස් සහ මෙම බ්ලොග් පිටුවේ සඳහන් අනික් කරුණු පිළිබඳව පහත වීඩීයෝවෙන් ඔබට වඩාත් හොඳ අවබෝධයක් ලබා ගත හැකියි.

workspace එකක් නිර්මාණය කිරීමෙන් පසු ඔබට notification මගින් ඒ බව දැක ගත හැකි වන අතර එහි go to resource ,click කිරීමෙන් පහත පිටුවට පිවිසිය හැක.එනම් දැන් ඔබේ workspace එක නිර්මාණය වී අවසන්.

මෙම workspace එක භාවිතා කිරීමට ඔබ https://studio.azureml.net/ යන වෙබ් පිටුවට පිවිසිය යුතුයි. එහි sign-in ,option එක හරහ ඔබේ ගිණුමට ලොග් වීමට ඔබට හැකියි.

ලොග් වීමෙන් අනතුරුව ඔබට පහත පරිදි ඔබේ Ms Azure ML ගිණුම භවිතා කළ හැක.

මෙලෙස ඔබ සදා ගත් workspace එක භවිතා කරන ආකරය, Supervised learning භාවිතා කර පද්ධතියක් නිර්මාණය කිරීම ඇසුරෙන් පහදා දීමට මීලඟ බ්ලොගය ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වෙමි.

මේ පිළිබඳව තව දුරටත් හැදෑරීමට මෙම බ්ලොග් මාලාව සමඟ රැඳී සිටින ලෙස ඉල්ලා සිටිමි.

ස්තූතියි

--

--

Priyal Walpita

CTO @ ZorroSign | Seasoned Software Architect | Expertise in AI/ML , Blockchain , Distributed Systems and IoT | Lecturer | Speaker | Blogger